කටුනායක ගුවන්තොටුපළේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට තීරණය කර තිබේ.
ඒ, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර ඇති ගැටලු හා ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව පැවති සමාලෝචනයකදී ය.
එහිදී කටුනායක ගුවන්තොටුපළේදි මගීන් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදි ඇතිවන අපහසුතාවන් වළක්වා ගැනීමට, මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන පරිදි එක් ස්ථානයකින් විධිමත්ව පරීක්ෂා කිරිමට අවශ්‍ය කටයුතු කිරීම සදහා සියලු යටිතල පහසුකම් සම්පාදනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, එය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරිමට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබ තිබේ.
ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවය, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සාමූහිකව කටයුතු කළ යුතු බව ත් ශ්‍රී ලංකා ගුවන් ක්ෂේත්‍රයේ උන්නතිය රඳා පවතින්නේ මෙම ආයතන දෙකේ ඒකාබද්ධ මෙහෙයුම්වල ඵලදායිතාවය මත බව ත් අමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කර ඇත.