කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ගැන දැනුම්දීමක් . . .

විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද එම සමාගම පවසයි.

මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇතිවූ බව එම සමාගම පවසයි.

මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෑම පුරවැසියෙක්ටම ඩිජිටල් හැඳුනුම්පත් අංකයක් . . .

Mon Aug 14 , 2023
ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කළේ ය. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ය. සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින්  කියා සිටියේ ඉන්දියාවේ පාරක කඩයකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x