චැනල් අයි-ලයිකා ගිවිසුම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි . . .

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව පැවසේ.

එම තත්ත්වය යටතේ, එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇතැයි ද පැවසේ.

‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.

ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය.

නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි.

කෙසේවුවද එම ආයතන දෙකට හෝ දැනුම්දීමකින් තොරව ‘ලයිකා ‘ සමාගම වෙත ‘චැනල් අයි’ නාලිකාව පැවරීමට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් අලුතින් පත්කළ සභාපතිවරයා පසුගියදා කටයුතු කර තිබිණ.

  • Repoter
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය . . .

Mon Aug 14 , 2023
19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ. තඹ කෙස් ඇති, සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ෆින්ලන්ත යුවතියක යැයි පැවැසෙයි. ඇගේ නම මිලා සෝෆියා ය. මිලා සමඟ මිතුරු වී සිටින සමාජ මාධ්‍ය ෆලොවර්ස් followers ගණන ලක්ෂයකට වැඩිය. මිලාගේ සරාගී ඡායාරූප රැසක් මේ වනවිට සමාජ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x