බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කිසිවකු විසින් ඊයේ (13) රාත්‍රියේ මෙලෙස සිය මුහුණු පොත් ගිණුමට ඇතුලු වී ඇති බවද ඒ කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ප්‍රජා පොලිස් කොට්ඨාසය සමග එක්ව බස්නාහිර පළාත තුළ සිදුකරන ප්‍රජා සත්කාර, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන් ඇතුලු සමාජ සත්කාර වැඩසටහන් මෙම ගිණුම හරහා ප්‍රචාරය කරන බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
තම ගිණුමට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයා හදුනා ගැනීමට සහ එම පිටුවේ පාලනය නැවත ලබා ගැනීම කටයුතු සදහා දේශබන්දු තෙන්නකෝන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.