පාසලේ බිත්ති දෙකක් අතර සිසුවියක් සිරවෙයි . . .

පාසලක බිත්ති දෙකක් අතර සිරවී සිටි හත් හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව තිබේ.

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස එම විදුහලේ වැසිකිළියක බිත්තියක් සහ තාප්පයක් අතර සිරවී ඇති බව අනාවරණය වී ඇත.

ගිනිනිවන ඒකකය එහිදී උපකරණයක් යොදාගනිමින් තාප්පයට සහ වැසිකිළි පද්ධතියේ බිත්තියට තෙරපුමක් ලබාදී සිසුවිය බේරාගැනීමට සමත්ව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ගැන දැනුම්දීමක් . . .

Mon Aug 14 , 2023
විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x