ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය . . .

19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.

තඹ කෙස් ඇති, සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ෆින්ලන්ත යුවතියක යැයි පැවැසෙයි. ඇගේ නම මිලා සෝෆියා ය.

මිලා සමඟ මිතුරු වී සිටින සමාජ මාධ්‍ය ෆලොවර්ස් followers ගණන ලක්ෂයකට වැඩිය.

මිලාගේ සරාගී ඡායාරූප රැසක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එක්ස් (ට්විටර්) සමාජ ජාලයේ ඇයට වශී වුණු පිරිස 7,000 කට වැඩිය. ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට ඇලුම් කරන පිරිස 31,000 කට වැඩිය. ටික්ටොක් හරහා ඇය රුව රස විඳින පිරිස 90,000 කි.

ලොව පුරා ආකර්ශණය දිනූ මිලා සැබෑ යුවතියක නොවෙයි. ඇය සැබෑ යුවතිකය සේ, පරිගණක ඇසුරින් සහ කෘත්‍රිම බුද්ධියක් භාවිතයෙන් නිර්මාණය කළ තැනැත්තියකි.

මිලාගේ නිර්මාණකරුවන් පෙන්වා දී ඇත්තේ, ඔවුන් ඇය නිර්මාණය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සැබෑ යුවතියන්ට ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් බවය.

මිලා නිර්මාණය කර ඇත්තේ, සයිඩස් ස්ටුඩියෝ එක්ස් Sidus Studio X සමාගමය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්‍රි සහ සනත් නිශාන්ත ඇණ කොටා ගනියි . . .

Tue Aug 15 , 2023
පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණු අතර එහිදී කානිවල් සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම ගැන මතගැටුමක් ඇති වුණා. ඒ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අතරයි. Krishani විඩියෝ දර්ශන – Ada Derana YouTube Channel

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x