චන්ද්‍රිකා වැවේ සොරොව්ව වසා දමයි . . .

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කරන චන්ද්‍රිකා වැවේ  චන්ද්‍රිකා වැව කොට්ඨාශයට තීරණය වූ පරිදි හෙට 15 දක්වා ජලය ලබාදී මට මහවැලි බලධාරීන් සහ ගොවි නායකයන් අතර සාකච්ඡාවකින් පසුව තීරණය වී තිබිණි.

එහෙත් අද පෙරවරු 9ට පමණ ගොවි නායකයන් කිසිවෙකුට නොදන්වා මහවැලි අධිකාරිය මගින් චන්ද්‍රිකා වැවේ ඇල මාර්ගය වසා දමා තිබිණි.

ඒ හේතුවෙන් උරණ වූ වලව චන්ද්‍රිකා වැව කොට්ඨාශයේ ගොවීන් එයට විරෝධය පෑම සදහා චන්ද්‍රිකා වැව සොරොව්ව අසලට එක් රොක් වන්නට විය.

ඒ පිලිබදව මහවැලි අධිකාරියේ බලධාරීන්ගෙන් විමසීමේදී නැවතත් ගොවීන් සදහා සාකව්ඡාවක් ලබාදී තිබිණි.

ඒ අනුව ඒ හමුව සදහා ඇලවල් දෙකෙහිම ගොවීන් පැමිණ සිටි අතර මේ සදහා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර තාක්ෂණ සේවා ඉන්ජිනේරු තිලක් රණසිංහ , වැඩබලන නියෝජ්‍ය නේවාසික කළමණාකාර ඉඩම් කේ.ජී.යූ.සී. කුමාර  සහ කොට්ඨාස කළමනාකරුවන්ද සහභාගී වී සිටින ලදි.

මෙහිදී උණුසුම් තත්වයක් හටගත් අතර අවසානයේදී තවත් පැය 20ක් චන්ද්‍රිකා වැව කොට්ඨාශයට ජලය ලබාදී සදහා මහවැලි අධිකාරිය තීරණය කරන ලද අතර ඉන් අනතුරුව වැවේ වැඩි ධාරිතාවයකින් මුරවැසි හේන අගුණු කොලපැලැස් ඇල මාර්ගයේ ජලය ලබාදීම සදහා තීරණය විය.

ගොවීන් කියා සිටින්නේ මෙම තාවකාලික විසදුමක් බවත් ගිං නිල්වලා ව්‍යාපෘතිය අතර මග නතර වීම මේ සියල්ලටම හේතුවී ඇති බවයි.

  • ප්‍රගීත් ජනක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට . . .

Mon Aug 14 , 2023
වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය. වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත්  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x