මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් එම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කරන්නෙ මඩු ශුද්ධ භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.