නිධන් හාරමින් සිටි රජයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට . . .

හක්මන ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි ආර්ථික සංවර්ධන නිලධාරියෙකු හා බැංකු සේවකයෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සහ ඒ සඳහා යොදා ගත් උපකරණ සමඟ ඊයේ (14) හක්මණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හක්මණ පොලිසියට ලද තොරතුරක් අනුව නරවැල්පිට උතුර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් හත් දෙනා සමඟ අලවංගු දෙකක්, උදළු දෙකක්,තාච්චි සහ පුජා සඳහා භාවිත කරන පලතුරු ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අතර ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරියෙකු මෙන්ම ග්‍රාමීය බැංකුවක සේවය කරන ක්ෂේත්‍ර නිලධාරියෙකුද වේ.

විමර්ශන වලින් අනතුරුව ඔවුන් දෙයියන්දර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිදැල්ලේ සැරිසරන කොටියෙක් නිසා ගම්මානයක් බියෙන් . . .

Tue Aug 15 , 2023
මස්කෙළිය – බ්‍රන්ස්වික් තේ වතුයායේ කඳුකර කොටියෙකු නිදැල්ලේ සැරිසරන බව වාර්තා වේ. ඒ හේතුවෙන් වතුයායේ කම්කරුවන් දැඩි භීතියකින් පසු වෙයි. මෙම වතුයායේ වතු කම්කරු නිවාසවල ඇති කරන සුනඛයින් හා එළුවන් වරින්වර අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ ය. එම ජනතාව කියා සිටියේ රාත්‍රියේ දී මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x