දියර පොහොර ගෙන්වීමේදී මූල්‍ය වංචාවක් . . .

සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.

මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් ටොන් 896ක් ගොවීන්ට බෙදා හැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන් කෝටි තිස් අට ලක්ෂයක (රු. 53,800,000) මුදලක් පාඩුවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

එම පොහොර මෙලෙස හානිවී ඇත්තේ ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් කෝටි 04කට වැඩි වටිනා පොහොර මෙට්‍රික් ටොන් 671.47ක් 2019 වර්ෂයේදීත් රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් (රු. 13,500,000) වටිනා පොහොර මෙට්‍රික් ටොන් 225.44ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

ලක්පොහොර සමාගම විදේශීය සැපයුම්කාර සමාගමක් අතර 2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව සපයන ලද දියර පොහොරවලින් රුපියල් කෝටි 08කට ආසන්න වටිනා කල් ඉකුත්වූ පොහොර ලීටර් 109,408ක ප්‍රමාණයක් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිටත් ගබඩා කර තිබූ බව නිරීක්ෂණයවී යැයි පවසන විගණන වාර්තාව පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා හතළිස් හයක් පවත්වාගෙන ගොස් වැටුප් පරිපාලන මෙහෙයුම් හා ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබා තිබූ බවද සඳහන් කරයි.

එසේම සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවන සේ රුපියල් දෙකෝටි දෙලක්ෂයකට වැඩි වටිනා දිරිදීමනා 2020 වර්ෂයේදී ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නියඟය උග්‍ර වේ . . .

Wed Aug 16 , 2023
මේ වන විට යුරෝපය පුරා හඹා යන දැවැන්ත නියගය නිසා කෘෂිකර්ම ආශ්‍රිත වගා, වතු හා උද්‍යාන නඩත්තු කිරීම් වැනි කටයුතු අඩාල වීම හේතුවෙන් විකල්ප විසඳුමක් ලෙස වැහි ජලය එකතු කිරීම සඳහා රාජ්‍ය ආධාර ලබාදීමේ ක්‍රියා වලියක් ප්‍රංශයේ ආරම්හ කර ඇත. මේ මගින් පිරිසිදු නල ජලය ආරක්ෂා කර ගැනීමටත්, නාස්තිය අවම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x