රැදවියකුට ෆෝන් එකක් දුන් බන්ධනාගාර නිලධාරියෙක් මාට්ටු . . .

යාපනේ බන්ධනාගාරයේ රැදවියකුට ජංගම දුරකතනයක් ලබා දුන් බන්ධනාගාර නිලධාරියකු අත්අඩංගුවට ගෙන අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා බන්ධනාගාරගත කර ඇත. 

මෙම නිලධාරියා මුර අට්ටාලයේ සේවයේ නියුතුව සිටින අවස්ථාවේදී අදාල රැදවියා වෙත ජංගම දුරකතනය ලබා දෙන අයුරු සී සී ටී වී දර්ශන ඔස්සේ තහවුරු කරගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන යාපනය පොලිසියට භාර දී තිබේ.

මෙම නිලධාරියා යාපනය බන්ධනාගාරයට මාරු කිරීමට පෙර කළුතර බන්ධනාගාරයේ සේවය කළ අතර එහිදීද විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් දඩුවම් මාරුවක් ලෙස යාපනයට මාරු කර එවා ඇත.

ජංගම දුරකතනය ලබා ගත් රැදවියා බන්ධනාගාරය තුළ සිටිමින් මතද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයකු බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙණියගෙන් විමසීමක් කළ අතර හෙතෙම සඳහන් කළේ මේ වන විට සැකකරුගේ වැඩ තහනම් කර ඇති බවත් ඉදිරියේදී ඔහුට නඩු පැවරීමට කටයුතු කරන බවත්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි . . .

Wed Aug 16 , 2023
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 25 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 15 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x