විස දමා සතුන් මැරීමේ ජාවාරමක් . . .

මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න පැවසීය. 

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිදීගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඉටි බෑග් තුලට ජලය පුරවා ඒවාට කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට වනසතුන් මරා දඩමස් ජාවාරම ඉතා සරුවට සිදුකරන බවත් වනජීවි නිළධාරීහු පවසති.

දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවන්හි යොදවා ඇති බව ද වනජීවී නිලධාරීහු කියති.

  • එම්. කේ. නන්දසේන
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුදල් අමාත්‍යංශයේ ගින්නක් . . .

Wed Aug 16 , 2023
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇත.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x