ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි . . .

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 25 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 15 කින්, බාස්මති හාල් කිලෝවක් රුපියල් 15 කින්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින්, කඩල කිලෝවක් රුපියල් 5 කින්, සුදු ලූණු කිලෝවක් රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 4 කින් අඩු කළ බව සතොස කීය.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 970 කට, සෝයාමීට් කිලෝවක් රුපියල් 625 කට, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1160 කට, බාස්මති හාල් කිලෝවක් රුපියල් 675 කට, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 350 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 325 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 630 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 147 කට මිලදී ගත හැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දියර පොහොර ගෙන්වීමේදී මූල්‍ය වංචාවක් . . .

Wed Aug 16 , 2023
සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x