දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන් කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි පැවසීය.
කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර බෙදා හැරීමට සිදුවී ඇත්තේ කුරුණෑගල නගරයට ජලය සැපයෙන දැදුරු ඔයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල යෑම නිසාය. දැනට දැදුරු ඔයෙන් මෙන්ම කුරුණෑගල වැවෙන් ජලය ලබා ගන්නා අතර, වෙනදා මෙන් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහැරීමට අපහසු බවත් එසේ වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ජලය සැපයීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඒ මහතා කීය.
මේ ආකාරයෙන්ම ඉදිරියටත් නියඟය පැවතුනහොත් ජලය ලබා දීමට හැකි වන්නේ තවත් මාසයක් වැනි කාලයකට පමණක් වන බැවින් ඉදිරි කාලයේ ජලය අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් භාවිතා කරන ලෙසත් ඇපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී පාරිභෝගික ජනතාවට අපහසුවක් නොවන පරිදි ජලය ලබා දීමට කටයුතු කරන බවද කුසල් මනම්පේරි පැවසීය.
- ජනූර් කිචිලාන්