දැවැන්ත මුදලක් වංචා කළ කාන්තාව . . .

අන්තර්ජාලය හරහා දැවැන්ත මුදලක් වංචා කළ විදෙස් ජාතික කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්‍රේන ජාතික කාන්තාවකි.

මෙහිදී වංචා කර ඇති මුදල ලෙස වාර්තාවන්නේ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිටි එක් අයෙකු යුක්‍රේන ජාතික කාන්තාවක් බවට අනාවරණය වී තිබේ.

මෙලෙස වංචා කර ඇති මුදල බැර කර ඇත්තේ අදාළ කාන්තාවගේ ගිණුමටය.

2022 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක පිහිටි ගිණුමක් වෙත නීතිවිරෝධී ලෙස අන්තර්ජාලය ඔස්සේ පිවිස එක්කෝටි තිස් හත් ලක්ෂයක (14000000) මුදල අදාළ කාන්තාවගේ ගිණුමට බැරකර ඇති බව හෙළිවී තිබේ.

සාවද්‍ය මුදල් පරිහරහණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

අදාළ යුක්‍රේන ජාතික සැකකාර කාන්තාව වයස අවුරුදු 3ක දරුවෙකුගේ මවක් වීම ඇතුලු කරුණු කිහිපයක් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධන දීමනා ඉහළට . . .

Thu Aug 17 , 2023
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පැවසීය. ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා ද, ආබාධිතවූවන්ට ස්වයං රැකියා දීමනාව රුපියල් 25,000 සිට 40,000 දක්වා ද, ආබාධිතවූවන්ගේ උපකරණ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x