පෙර පාසලේ සිට දරුවන්ට ලිංගික අධ්‍යාපනය

දරුවන්ට ලිංගික අධ්‍යාපනය පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම තීරණය ගත් බව එම සංසිද්යේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සඳහන් කළාය.

ඒ අනුව පෙර පාසැල් දරුවන්ටත් පාසැල් සිසුන්ටත් අදාළව ලිංගික දැනුම ලබාදීම සඳහා පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කරමින් පවතින බව ද ඇය පැවසුවාය.

දරුවන්ට ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් පමණක් බවද පැවසූ ඇය සියලුම පොත් එකවර මුද්‍රණය කිරීම අසීරු හෙයින් පළමුව අන්තර්ජාලය ඔස්සේ පරිශීලනයට දරුවන්ට අවස්ථාව ලබාදෙන බව ද බවත් ඉන් අනතුරුව පොත් මුද්‍රණය සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහාය ලබා ගන්නා බවද කියා සිටියාය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෝට්ටුවක් පෙරළි 60ක් ජීවිතක්ෂයට . . .

Thu Aug 17 , 2023
බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකන් රැගත් යාත්‍රාවක් පෙරළි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයන් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති අතර, එම අවස්ථාවේ දී පුද්ගලයන් 100ක් පමණ එහි සිට ඇත. යාත්‍රාව මසකට පමණ අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් තිබී ඇති අතර, එය ගසා ගෙන ගොස් පෙරළි අනතුරට පත්ව ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x