EPF ලිපි ලේඛන පරිස්සම් කරගන්න . . .

සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ ලිපි ලේඛන සුරක්‍ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි සමාජිකයන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

එම අරමුදලට සම්බන්ධ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලේඛන සැක සහිත යැයි විදේශ තානාපති කාර්යාල ඇතුළු විවිධ ආයතන දැනුම් දී ඇති බවත් මහ බැංකුව පවසයි.

මෙම තත්වය තුළ ආයතන රැසකට ඉදිරිපත් කළ ලේඛන රැසක සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස එම ආයතන ඉල්ලා ඇති බවත් වීසා ගැනීම සහ පළපුරුද්ද වැනි දේවල් සනාථ කිරීමට මෙසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් කියයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල සැපයුම සීිමා කෙරේ . . .

Thu Aug 17 , 2023
දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන්  කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි පැවසීය.  කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර  අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x