අක්කර 419 ඉඩමක් සහ බංගලාවක් බලෙන් අල්ලාගනී . . .

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත්තේ මහනුවර පල්ලේ කොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු පස් නමක් බවයි.

අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පෞද්ගලික දේපල හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම බංගලාව සාසනික ව්‍යාපෘතියකට ලබාදෙන ලෙස අත්අඩංගුවට ගත් හිමිනම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

නමුත් අක්කර 419 කින් යුතු මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට අයත් නොවන බව එම මණ්ඩලය විසින් වාර්තා කර තිබිණ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෙන්දිල් තොණ්ඩමන්ගේ සුඛෝපභෝගී වාහන 22 . . .

Fri Aug 18 , 2023
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සුඛෝපභෝගී වාහන රැසක් තම භාරයට ගෙන ඇති බවට මාධ්‍ය ආයතනයක් විසින් ඊයේ(17) වාර්තා කර තිබුණා. අදාළ පුවත සම්බන්ධයෙන්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ලේකම් මදනායක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එනම් එතුමා සඳහන් කර ඇත්තේ මෙම පලවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි. එනම් මේ වන විට භාවිතා කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x