ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක . . .

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරික බලපත්‍රය ලබා ගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි.

එසේම අදාල රසායනික ද්‍රව්‍ය කම්හලේ ඇති වූ ගින්න නිසාවෙන් ප්‍රදේශයේ වායු ගෝලයට යම් බලපෑමක් විය හැකි බැවින් එම කර්මාන්ත ශාලාව ආසන්නයේ ජීවත්වන ජනතාව මුව ආවරණ පළදින ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි .

ඇති වූ ගින්නත් සමග රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසාවෙන් අදාල කර්මාන්ත ශාලාව අවට විදුලි රැහැන් සහ බිත්තිවල එම රසායනික අපද්‍රව්‍ය බැදී තිබුණ ආකාරය දැක ගත හැකි විය අතර එම අපද්‍රව්‍ය ඉවත් කර විදුලි රැහැන් පිරිසිදු කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයන් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණි.

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හදුනා ගෙන නොමැති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා හොරණ නගර සභා දෙහිවල සහ කෝට්ටේ මහ නගර සභා ගිනි කිවන රථ දහයක් පමණ එම ස්ථානයට රැගෙන විත් තිබුණි.

ගින්නන් අදාල කර්මාන්ත ශාලාවට සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගිනි ගත් කර්මාන්ත ශාලාව අවට තිබෙන කර්මාන්ත ශාලා හතරකට ද සුළු අලාභහානි සිදුව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රැකියාව අහිමි කම්කරුවන්ට වන්දියක් . . .

Fri Aug 18 , 2023
රැකියාවන්වල නියුතු ශ්‍රමිකයින්ගේ රැකියාවක් අහිමිවන විට රක්ෂණ ක්‍රමවේදයක් හරහා වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඉහළ නිලධාරීන් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුවා. එමෙන්ම කම්කරු ආරක්ෂණය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්වලට අදාලව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරනු ලබන ක්‍රියාකාරී අධ්‍යයන් පිළිබද අමාත්‍යවරයා එහිදී සාකච්ඡාවට භාජනය කළා. ජාත්‍යන්තර කම්කරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x