පානීය ජල අර්බුදයක් . . .

වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වී වගාවට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, වියළි කාලගුණයෙන් දිවයින පුරා බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, අද (18) දිනය වන විට දිස්ත්‍රික් 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

මේ අතර, පළාත් කිහිපයක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරටත් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් අවධාරණය කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළි සේවයට එන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට සියලු පහසුකම් . . .

Fri Aug 18 , 2023
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේනම් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි,විජේසුරිය කියා සිටියේ, රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාසද සපයා දීමට පියවර ගන්නා බවයි. පසුගියදා විශේෂඥ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x