රැකියාව අහිමි කම්කරුවන්ට වන්දියක් . . .

රැකියාවන්වල නියුතු ශ්‍රමිකයින්ගේ රැකියාවක් අහිමිවන විට රක්ෂණ ක්‍රමවේදයක් හරහා වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඉහළ නිලධාරීන් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුවා.

එමෙන්ම කම්කරු ආරක්ෂණය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්වලට අදාලව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරනු ලබන ක්‍රියාකාරී අධ්‍යයන් පිළිබද අමාත්‍යවරයා එහිදී සාකච්ඡාවට භාජනය කළා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක Simon Brimblecombe සහ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ Mariko Ouchi, සමග මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

විරැකියා රක්ෂණයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ සහ රැකියාවට අදාළ වන්දි හඳුන්වාදීම වැනි වැඩසටහන් ඇතුළත් කම්කරු ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා මේ වන විට සාධනීය ආරම්භයන් ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර මේ හරහා සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම මෙම වැඩසටහන්වලට අදාළව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ව්‍යාපෘති උපදේශනය සම්බන්ධයෙන් දින දෙකක ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර සමාජ ආරක්ෂණය සහ විරැකියා රක්ෂණය පිළිබද මෙහෙිදී අවධානය යොමු කරනු ලැබුවේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගීවූ මෙම වැඩසටහන යටතේ විරැකියා රක්ෂණයේ කාර්යභාරය අවභෝධ කරගැනීම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිතීන් සමග සහභාගීවන්නන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබුණි.

මේ අතර සමාජ ආරක්ෂණය සදහා කැපවූ ජාතික කමිටුවක් පිහිටුවීමටත් ඒ සදහා මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංය ඇතුළත් කරගැනීමටත් නියමිතව ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වීමටද නියමිතව තිබේ.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අක්කර 419 ඉඩමක් සහ බංගලාවක් බලෙන් අල්ලාගනී . . .

Fri Aug 18 , 2023
මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත්තේ මහනුවර පල්ලේ කොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු පස් නමක් බවයි. අත්අඩංගුවට ගැනීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x