ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට . . .

ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සහ කිරීම හේතුවෙන්.

ජෝර්දාන හමුදාව නිවේදනය කරන්නේ, දේශසීමා සහ ජාතික ආරක්ෂාව සහතික කරමින් අනවසර සංක්‍රමණ සහ ජාවාරම් මැඩලීමට හමුදාවන් නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

පසුගිය වසරේදීත් ජෝර්දාන – ඊශ්‍රායල දේශ සීමාව හරහා අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය වැනි රටවලින් නීති විරෝධී සංක්‍රමණිකයන් රැකියා අපේක්ෂාවෙන් පැමිණීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුවා තෙවැනි මහලෙන් බිමට . . .

Fri Aug 18 , 2023
දියගම තාක්ෂණ  විශ්ව විද්‍යාලයේ සිසුවකු  ශිෂ්‍ය නේවාසිකාගාරයේ  තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි. මෙම සිසුවා එම විශ්ව  විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන අයෙක්  බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මොහු රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. කහතුඩුව පොලීසියේ නිලධාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x