සෙන්දිල් තොණ්ඩමන්ගේ සුඛෝපභෝගී වාහන 22 . . .

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සුඛෝපභෝගී වාහන රැසක් තම භාරයට ගෙන ඇති බවට මාධ්‍ය ආයතනයක් විසින් ඊයේ(17) වාර්තා කර තිබුණා.

අදාළ පුවත සම්බන්ධයෙන්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ලේකම් මදනායක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එනම් එතුමා සඳහන් කර ඇත්තේ මෙම පලවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

එනම් මේ වන විට භාවිතා කරන නිල වාහන මීට පෙර භාවිතා කළ ආණ්ඩුකාරවරියගේ බවත් එතුමිය ටත් මීට පෙර සිටි ආණ්ඩුකාරවරයාගෙන් මෙම වාහන ලැබුණු බවත් එතුමා සඳහන් කරනවා.

එනම් මෙලෙස කිසිදු තහවුරු කිරීමකින් තොර අසත්‍ය පුවත් පල නොකරන ලෙස එතුමා ඉල්ලා සිටිනවා.

මීට අදාලව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවතත් පහතින් දැක්වේ.

  • Aruna

Gallery  Gallery

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බඩඉරිඟු ආනයන බදු පහළට . . .

Fri Aug 18 , 2023
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය. මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x