ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් . . .

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ඔහුගේ බිරිඳ වන බුෂිරා බීබී පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බන්ධනාගාරය තුළ දී ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් ඇති බව ඇය ප්‍රකාශ කර ඇති බවයි.

බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හී ඇඩියාලා බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.

තම සැමියා කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඇටෝක් බන්ධනාගාරයේ සිරකර ඇති බව ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 2018-2022 ධුර කාලය තුළ විදේශ ප්‍රභූවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස ලැබුණු රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ටොෂාකානා නඩුවේ දී වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ONLINE ක්ෂණික ණය දෙන්නන්ට නීති දැල එලයි . . .

Sat Aug 19 , 2023
අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන සියලු ව්‍යාපාර නියාමනය කිරීමට නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. දිනෙන් දිනම මේ ආකාරයේ ආයතන වැඩිවීම මත එවන් ආයතන නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමටද මහබැංකු යෝජනා කර තිබේ. මේ වන විට ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බව මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x