නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය කටුමාන වැව ආසන්නයේ සිට හග්ගල දක්වා වු රජයේ රක්ෂිතයට සතුන්ගේ මළ ද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික විනාශයක් වෙමින් පවතින බව ජනතාව පවසයි.
රජයේ අධි රක්ෂිතයක් වන මෙම රක්ෂිත ප්‍රදේශය වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ හග්ගල උද්භිද උද්‍යානයට ඉදිරිපසින් පිහිටා ඇත. කටුමාන වැවේ සිට ජලය මෙම රක්ෂිතය හරහා පිහිටි ඇළ මාර්ගයෙන් වැලිමඩ බොරගස් ප්‍රදේශයට හා ඌව පරණගම ගලහගම ප්‍රදේශ වලට ගලා යන අතර ජනතාව එම ජලය වගා කටයුතු සදහා භාවිතා කරන අතර ඇතැම් ජනතාව මෙම ජලය පානීය ජලය ලෙසද භාවිතා කරන බවත් ජනතාව පවසයි.
මෙම රක්ෂිත ප්‍රදේශයට මළ සතුන්ගේ සම් , අස්ති කොටස් හා සතුන්ගේ විවිධ ශරීර කොටස්ද ප්ලාස්ටික් ඇතුළු නොයෙක් කැළි කසලද ඇතැම් පිරිස් විසින් ගෙනවිත් දමා ඇති බව එහි ගිය අපට දැකගන්නට ලැබුණු අතර ප්‍රදේශවාසින් කියා සිටින්නේ මේ ගැන බලධාරින්ගේ අවධානයක් යොමුව නොමැති බවයි.
එම නිසා බලධාරින්ගේ අවධානය මේ සම්බන්ධව යොමු කර මෙම පරිසර විනාශය නවතා ලීමට යම් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන ලෙස මෙම කටුමාන වැවෙන් ජලය ලබා ගෙන විවිධ කටයුතු සදහා භාවිතා කරන පිරිස් ඉල්ලා සිටි.