ONLINE ක්ෂණික ණය දෙන්නන්ට නීති දැල එලයි . . .

අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන සියලු ව්‍යාපාර නියාමනය කිරීමට නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.

දිනෙන් දිනම මේ ආකාරයේ ආයතන වැඩිවීම මත එවන් ආයතන නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමටද මහබැංකු යෝජනා කර තිබේ.

මේ වන විට ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බව මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාව විශාල වශයෙන් ණය ලබා ගැනීමට පෙළඹීම මත අන්තර්ජාලය හරහා ණය ලබා දෙන ආයතන රැසක් නිර්මාණය වී තිබීමත් මත මේ සඳහා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීන උපාංග සඳහා ඉන්දියාවෙන් තහනමක් . . .

Sat Aug 19 , 2023
ආරක්ෂක දුර්වලතා පිළිබඳ කනස්සල්ල මත චීනයේ නිෂ්පාදිත උපාංග භාවිත කිරීම ඉන්දියාව මෑත මාසවලදී දේශීය මිලිටරි ඩ්‍රෝන නිෂ්පාදකයින්ට තහනම් කර ඇත.  න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් අතර ආතතීන් මධ්‍යයේ සහ නවදිල්ලිය මිනිසුන් රහිත ඩ්‍රෝන යානා සහ අනෙකුත් ස්වයංක්‍රීය උපාංග වැඩි වශයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරන පසුබිමක මෙම පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x