පරෙවි දුපත නැරඹීමට යළි අවස්ථාව . . .

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි.

ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබේ.

මේ සමඟ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය, නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලූනා සඳ මතට කඩා වැටෙයි . . .

Sun Aug 20 , 2023
වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ. සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය. යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x