මැතිසබා ගෘහපාලන සේවිකාවන්ට සාරිය අන්දයි . . .

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම  සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී  දැනුම් දෙනු ලැබ ඇත.

එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ  සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය. ගෘහ පාලන අංශ ප්‍රධානීන්  එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත්  සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ  ඉන් අනතුරුව බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක්  සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව  එම  ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර  ගෘහ පාලකවරයා   වැඩ තහනම් කරනු ලැබ සිටී. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින හෙයින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  මෙයට පෙර ප්‍රකාශ කළහ.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පරෙවි දුපත නැරඹීමට යළි අවස්ථාව . . .

Sun Aug 20 , 2023
ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි. ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x