බඹරුන්ගෙන් බේරෙන්න දිවගිය සිසුවා හෙලකින් පහළට . . .

නුවරඑළිය, බඹරකැලේ ප්‍රදේශයේ කැළෑවකදී  බඹරුන්ගෙන් බේරිමට දිවයද්දි හෙලකට වැටීමෙන්  දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිගොස් ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේ වත්තේ පදිංචිව සිටි සිවපෙරුමාල් ඩිල්ෂාන් (16) නැමැති පාසල් සිසුවෙකි.

මෙම සිසුවා සහ තවත් පිරිසක් සමග  එම කැළෑවේ දර එකතු කිරීමට ගොස් තිබේ. එහෙදී  බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී දෂ්ඨ කිරීමක් සිදුව ඇති බවත්, එහෙදී ඔවුන් ඉන් බේරීමට දිව යාමේදී මෙම සිසුවා හෙලකට වැටීමෙන් පසු  මියගොස් ඇති බව  පොලීසිය පවසයි.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබු තවත් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

  • ශාන්ත චන්ද්‍රසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට එන අලුත්ම ගුවන් සේවය . . .

Mon Aug 21 , 2023
ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x