ෆොන්සේකාගෙන් අලුත් පක්‍ෂයක් . . .

සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇත.

සජබ සභාපති ලෙස කටයුතු කරන  තමන් නිර්පාක්‍ෂික පුද්ගලයකු යැයි පසුගියදා කියා තිබීම අනුමත කළ නොහැකි බවත්, පක්‍ෂයේ සභාපති ලෙස එවැනි ප්‍රකාශ සිදු කිරීම ගැන වහා ප්‍රශ්න කළ යුතු බවටත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී සජබ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනුයේ කෙසේද යන්න දැඩි ගැටලුවක් බවත්, ඔහු එසේ සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් සජබයෙන් ඉවත් විය යුතු බවත් එම මන්ත්‍රීවරුන් පවසා ඇත.

පක්‍ෂයේ සභාපති වුවද ඔහු සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් ද දිගින් දිගට මඟහරින බවත් එබැවින් ඔහු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බව එම ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

  • අකිත පෙරේරා

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෙන්ස් රථයක් ගිනි ගෙන අලු වෙයි . . .

Mon Aug 21 , 2023
ඇත්කදුර ගෙවල් විස්ස බෝක්කුව අසල දී අද මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ඇල්පිටිය පොලීසිය කියයි. බෙන්ස් වර්ගයේ මෙම  මෝටර් රථය දුරකථන කුලුනක ගැටීම හේතුවෙන් අනතුරට පත්වීමෙන් පසු මෙම ගිනි ගැනීම සිදුව තිබෙන බව මෝටර් රථය ධාවනය කල රියදුරා පොලිසියට පවසා ඇත. බටපොල, මීටියාගොඩ ප්‍රදේශයේ සැලූන් එකක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x