විදුලි බිල නොගෙවූ පාරිභෝගිකයන්ගේ විදුලිය කපයි . . .

හිග විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ.

ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන අඳුරේම සිටින බව විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ විදුලි බිල්පත් අනෙක් දිස්ත‍්‍රික්කවලට සාපේක්ෂව බෙහෙවින් ඉහළ ගොස් ඇත.

විදුලි ගාස්තු නොගෙවූ ආයතන සහ නිවාස වල විදුලිය විසන්ධි කිරීමට මණ්ඩලය විසින් පසුගිය මාස කිහිපය තුළ කටයුතු කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුමේනියා සිහින පෙන්වා ලක්ෂ 83ක් වංචා කරයි . . .

Mon Aug 21 , 2023
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 16 වන දින එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x