විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක් . . .

ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී.

ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ත්, එනිසා විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බව ත්, ඒවා වැළැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බව ත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

එහි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ. මාස තුනක නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, මෙහි තවත් සිදුකළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානි එච්.එස්. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීෂ්, එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ඒවායේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

  • T K G Kapila
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාළු ගබඩාවේ විෂ දුමාරයක් . . .

Tue Aug 22 , 2023
දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක ඊයේ සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසියම් විෂ දුමාරයක් නිසා රෝගාතුර වූ සේවිකාවන් 30 පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ අය අතරින් යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x