ත්‍රිකුණාමලයේ ජැටිය කඩා වැටී සිසුවියන් පිරිසක් අනතුරක . . .

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර මගින් සංචාරකයින් උදෙසා පවත්වාගෙන යනු ලබන යාත්‍රා සේවයට අයත් යාත්‍රා නැංගුරම් දමනු ලබන ජැටියේ කොටසක් අද සවස පාසැල් දැරියන් 14ක් සමග කඩා වැටී තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්ගමුවේ සිරිසඟබෝ පාසලේ දැරියන් පිරිසකි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පවසන්නේ තුවාළ ලැබූ පාසැල් දැරියන් සුළු තුවාල ලබා ඇති බවත් ඔවුන් ගෙන් 12 දෙනෙකු ත්‍රිකුණාමලය නාවිකා හමුදා රෝහලටත් තවත් දැරියන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලටත් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇතුළත් කළ බවය.

ජැටිය කඩා වැටී සිදුවූ අනතුරින් පසු ත්‍රිකුණාමලය ඇතුළු වරාය නැරඹීමේ සංචාරක යත්‍රා සේවය තාවකාලිකව නවතා දැමීමට නාවික හමුදාව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් . . .

Wed Aug 23 , 2023
ශ්‍රී ලංකාව තුළ, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, මේ වසරේ ඔක්තෝබර් 1 වනදා සිට මෙය බලපැවැත්වෙන බවය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x