දිලීරයක් ඇවිත් සාදික්කා වනසයි . . .

දිලීර රෝගයක් හේතුවෙන් ප්‍රදේශ රැසක සාදික්කා වගාව දැඩි අවදානමකට ලක්ව ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර පැවසීය.

මහනුවර, කෑගල්ල, මාතලේ හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙම දිලීර රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර එය කඩිනමින් පාලනය නොකළහොත් දිවයින පුරා රෝගය පැතිර යාමේ අවදානමක් උද්ගතව පවතින බවත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් සහ සහාය තම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

සුළඟ සහ වර්ෂාව මගින් මෙම දිලීරය ව්‍යාප්ත වන අතර, රෝගය වැලඳුණු විට ගසෙහි ගුණාත්මක තත්ත්වය අඩුවී, කොළ හැලී, අස්වැන්න අඩුවී, ක්‍රමයෙන් ගස මිය යෑම සිදුවේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගසට රසායනික ද්‍රව්‍ය ඉසීම සහ එන්නත් කිරීම ආදිය නිර්දේශ කර තිබේ.

රසායනික ද්‍රව්‍ය භාවිතයට අමතරව, වගාව නිසි ලෙස නඩත්තු කිරීමෙන්ද මෙම තත්ත්වය යම් තරමකට සමනය කළ හැකි බව පැවසූ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරී ජයන්ත ශාමල් දිලීරය වැලඳී ඇති පත්‍ර, ශාඛා අතු සහ ඵල වෙනත් ශාකවලින් වෙන්කර පුලුස්සා දැමීම වැදගත් බවද සඳහන් කළේය.

  • කමල් සුරවීර – මහනුවර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිකුණාමලයේ ජැටිය කඩා වැටී සිසුවියන් පිරිසක් අනතුරක . . .

Wed Aug 23 , 2023
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර මගින් සංචාරකයින් උදෙසා පවත්වාගෙන යනු ලබන යාත්‍රා සේවයට අයත් යාත්‍රා නැංගුරම් දමනු ලබන ජැටියේ කොටසක් අද සවස පාසැල් දැරියන් 14ක් සමග කඩා වැටී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්ගමුවේ සිරිසඟබෝ පාසලේ දැරියන් පිරිසකි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පවසන්නේ තුවාළ ලැබූ පාසැල් දැරියන් සුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x