ඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසී . . .

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩබෑවේය.

‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබුණි.

‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය.

ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි.

‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.

ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබාන සජීවී දසුන් පහළින්,

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය . . .

Wed Aug 23 , 2023
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මේ බව පැවසීය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x