දුම්රිය විදුලි සේවකයන්ගේ වර්ජනයෙන් මගීහු අතරමං . . .

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ පැවසීය.  

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙක් සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙක් අතර පෙරේදා (22) සිදුවූ පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා නිදහස් කරන ලෙස ඉල්ලමින් විදුලි කාර්මික ශිල්පීන් තව දුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඉදිපොළගේ මහතා කීය.

මෙම තත්වය හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් පස්වරුවේ දුම්රිය පිටතට ගැනීම සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් එන්. ජේ. ඉදිපොළගේ වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සා/පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට . . .

Thu Aug 24 , 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සියලුදෙනා අද(24) කෑම පැයේ දී අනුරාධපුර ස්වර්ණ බාලිකා පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් පවසා සිටියේ, උසස් පෙළ පත්‍ර බැලීමේදී ඔවුන්ට දිනකට ගමන් වියදම් කියා රුපියල් දෙදාහක් ගෙවූ බවත්, එය සාමාන්‍ය පෙළේ දී දිනකට රුපියල්1450 කට අඩුවී ඇති නිසා හෙට සිට ඔවුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x