මන්ත්‍රී හේෂාට වාරණයක් . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට සහ ඔහු යටතේ ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ආයතනය ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අනුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවය.

2022 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුව ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කර තිබු විශේෂ විගණන කෙටුම්පත මාධ්‍ය මගින් හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා අපහාසාත්මක ප්‍රකාශ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීනය හා ජපානය ගැටෙයි . . .

Thu Aug 24 , 2023
අද (24) ජපානය විසින්, විනාශ වූ ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කළේය. කෙසේ වෙතත් මෙම ක්‍රියාව ගැන අසල්වාසී රටවල විරෝධය එල්ල වී ඇති බව වාර්තා වෙයි. එම නිසා ජපානයෙන් මුහුදු ආහාර (Seafood) ආනයනය තහනම් කිරීමට චීනය පියවර ගෙන ඇති අතර වාර්ෂිකව ඩොලර් මිලියන 600ක් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x