මහකනදරාවෙන් රජකාලේ පාලමක් මතුවේ . . .

පවතින වියළි කාළගුණය හේතුවෙන් අනුරාධපුරය මහකනදරාව වැවේ ජලය සිඳී යාමෙන් ඉපැරණි මාර්ගයක සහ පාලමක කොටස් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වැව මැද සිට මීටර කිහිපයක් ස්ථිර මාර්ගයක් ලෙස එය ඉදිකර ඇති අතර මාර්ගය කෙලවරේ පාලමක කොටස් මතුව ඇති බවත් ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි පැවසුවේ එම මාර්ගය බිතාන්‍ය යුගයේ මුල් වකවානුවේ ඉදිකළ මාර්ගයක් බවයි.

පසුකාලීනව වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ එම මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මහකනදරා වැව මහසෙන් රජතුමන් විසින් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී කනදරා ඔය හරස් කිරීමෙන් ඉදිකර ඇති බවත් ඔහු පැවසීය.

මුල් වකවානුවේදී කානවාසි ලෙස එම වැව නම් කර ඇති අතර මුල් කාලීන ඉදි කළ මහා පරිමාණ වැව් වලින් ප්‍රධාන වැවක් ලෙසත් එය සැලකේ.

දඹුලු ඔයේ අත්තක් වන මිරිස්ගෝනියාව ඔයේ අමුණක් සකස්කර කනදරා ඔය ඉදිකර ඇති අතර කලා ඔය නිම්නය සහ මල්වතුඔය නිම්නය සම්බන්ධ කර මෙය සකස් කර ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි හමු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මහකනදරා වැව අසලින් අනුරාධපුරේ සිට සේරුවාවිල හරහා ත්‍රිකුණාමලය දක්වා ප්‍රධාන මාර්ගයක් පැවති බවට හා පුරාණ ජනාවාස තිබුණු බවටත් සාක්ෂි හමු වී ඇති බවත් මහාචාර්යවරයා තවදුරටත් කීවේය.

  • උපුල් හේරත්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහා පරිමාණ බූරු පොළක් වටලයි . . .

Fri Aug 25 , 2023
මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි හා ජංගම දුරකථන අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි. මෙම වැටලීමේදී බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනකු, බූරු ගැසීමට පැමිණි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x