මහා පරිමාණ බූරු පොළක් වටලයි . . .

මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි හා ජංගම දුරකථන අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

මෙම වැටලීමේදී බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 09 ක් , ජංගම දුරකථන 10 ක් හා ටැබ් වර්ගයේ ජංගම දුරකථනයක් හා ඔට්ටු ලෙස තැබූ මුදල් හා කාඩ් කුට්ටමක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එප්පාවල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යංශ නිළධාරීයකු හරහා ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇත. මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මෙම බූරු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර, ඊට පැමිණෙන මාර්ගයේ ඔත්තුකරුවන් පවා යොදවා ඉතා සූක්ෂමව පවත්වාගෙනගොස් ඇත.

එම ප්‍රදේශයේ නිතර වන අලින් ගැවසෙන ප්‍රදේශයක් බැවින් පොලීසිය වැටලීම් සිදු කිරීමට නිරන්තරයෙන් එම ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් මොවුන් මෙම බූරු පොළ දීර්ඝ කාළයක් පවත්වාගෙන ගොස් ඇත.

එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් විශේෂ වැටලීමක් ලෙස දොලොස් දෙනෙකුට ආසන්න පිරිසක් බූරු පොළ පවත්වාගෙන ගිය නිවස වට කර එක්වරම වැටලීම සිදු කර ඇත.වැටලීම සිදු කරන අවස්ථාවේදී බූරු ගසමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු පමණ පළා ගිය නමුත් ඇතැම් සැකකරුවන් ඔවුන් පැමිණි යතුරු පැදි හා ඔවුන්ගේ ජංගම දුරකථනයන්ද බූරු පොලේ දමා පළා ගිය බවත් පොලීසිය පවසයි.

ඒ අනුව එම බූරු පොලේ තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදි නවයෙන්, හතරක හිමිකරුවන් වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකුත් යතුරු පැදි පහක හිමිකරුවන් එම ස්ථාන‌ේය තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකථන 10 හා ටැබ් වර්ගයේ ජංගම දුරකථනයේ හිමිකරුවන්ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එප්පාවල පොලීසිය පවසයි.

බජාජ් සී.ටී 100 වර්ගයේ යතුරු පැදි 03 ක්, බජාජ් ප්ලැටිනා වර්ගයේ යතුරු පැදි 03 ක්, බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදි 01 ක්, හොන්ඩා ඩියෝ ස්කූටර් වර්ගයේ යතුරු පැදි 03 ක් හා බජාජ් ත්‍රීරෝද රථයක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තවද මෙම යතුරු පැදි , ත්‍රී රෝද රථය හා ජංගම දුරකථන සොරා ගත් ඒවාද ,නැතහොත් යම් යම් අපරාධයන්ට සම්බන්ධ ඒවාද යන්න සම්බන්ධයෙන්ද එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. ප්‍රදේශයේ සොරකම්, පවුල් ආරවුල්, ආර්ථික ප්‍රශ්න ආදී බොහෝ ගැටලු ඇතිවීමට මෙම බූරු පොළ හේතූ වී ඇති බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අද (24) තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත එකනායක ඉලංගසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ටී.ඩී.එස්.පී.කේ ජයතිලක, කේ.එම් දමිත් කෝදාගොඩ,උපපොලිස් පරීක්ෂකවරුන් වන එස්.ඩබ්ලිව්.ටී.ආර් ජයම්පති, ගාමිණී යන මහත්වරුන් හා පොලිස් සැරයන්වරුන් වන 46664 සාගර, 2088 වසන්ත, 76083 ප්‍රේමචන්ද්‍ර, 47974 කරුණාරත්න, 41914 සුනිල්, විශේෂ කාර්යංශ නිළධාරී 5837 චමල්, පොලිස් කොස්තාපල්වරුන් වන 100799 දිලීප, 105303 ධනංජය, 81218 නාමල් යන නිළධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප් ෆුල්ටන් බන්ධනාගාරයට . . .

Fri Aug 25 , 2023
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ලද පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා ජොර්ජියා ප්‍රාන්ත අධිකරණයක් විසින් ඔහුට ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් නියම කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x