බේරේ වැව සමාගමකට පවරයි . . .

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.

එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේ වැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.

අදාල  යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

මෙහි මෙහෙයුම් කටයුතු  සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල විදුලි නිෂ්පාදනය තව සති 4ක් පමණයි . . .

Sat Aug 26 , 2023
පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වෙයි. තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x