බොරු සහතික දී ඩී.ජී වෙලා . . .

ජාතික භාෂා  අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  වසර දොළහකට වැඩි කාලයක්  එම ආයතනයේ  සේවය කර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති  බවත් මෙසේ වැඩ තහනමට ලක්ව සිටි  කාල සීමාවලදීද ඔහු  වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බවත් තොරතුරු හෙළිවී යැයි  කෝප් කමිටුව පවසයි.

එම නිලධාරියා  මෙම ආයතනයට පත්වී ඇත්තේ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව බව  ආයතනයේ නිලධාරීහු කමිටුවට පැවසූහ.

මොහුගේ අධ්‍යාපන සහතික මෙන්ම උප්පැන්න සහතිකයේද ගැටලු පවතින බව  පැවසූ ඒ  නිලධාරීහු මේ තැනැත්තා  කිසිදු අනුමැතියක් ලබා නොගෙන පසුගිය වසරේදී කැනඩාවට ගොස් ඇතැයිද  සඳහන් කළහ.

මෙම ආයතනයේ නිලධාරීන් සිටින්නේ තිහකට අඩු සංඛ්‍යාවක් නමුත්  ආයතනය  මාසිකව ලක්ෂ 12 ක් ගෙවා කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.  එය වැරදි ක්‍රියාවක් බව කෝප් කමිටුව සඳහන් කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ   ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට . . .

Sat Aug 26 , 2023
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x