කෝටි 10,000 ආභරණ උකස් පොළට . . .

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ.

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති. සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.

මේ අතර ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසිය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ නියමයට අනුව ආදීවාසීන් මී පැණි පුදති . . .

Sun Aug 27 , 2023
ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සාම්ප්‍රදායිකව වර්ෂයක් පාසා දඹාන ආදිවාසීන් සිදුකරන මී පැණි පූජාව ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීහු සිදු කළහ. දළදා මාලිගාවේ සිදු කෙරෙන තේවා කටයුතු සඳහා අවශ්‍ය මී පැණි රාජ නියමයෙන් අතීතයේ සිට ආදිවාසීහු සපයනු ලබති. ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දිනයේ දී එම මී පැණි පූජාව සිදුකරන අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x