මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ . . .

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක්  ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි.

ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඇති කුඹුරු යායට තබන ලද ගින්නක් පැතිරිම නිසා මෙම කුඹුක්ගස්ද එම ගින්නට හසුවන්නට ඇති බවද පොලීසිය සැක පහලකරයි.

මෙම ගිනිගැනිමේ සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමත්න බණ්ඩාර සඳහන් කර සිටියේ මෙම කුඹුක් රක්ෂිතයේ ගස් 175 කට ආසන්න සංඛ්‍යාක් තිබූ අතර මීට පෙරද අවස්ථා දෙකකදී ගින්නට හසුවීම නිසා ගස් රැසක් විනාශවී ගිය බවත් මිනිසුන්ගේ නොසැලකිළිමත් කම නිසා අපගේ පරිසර පද්ධතියට විශාල හානි සිදුවන බවත්ය.

කුඹුක් ගස් 25 කට ආසන්න සංඛ්‍යාවක් ගින්නෙන් විනාශවී ඇති බවත් මෙම ගිණිතැබීමට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතු බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පොලීසියට පැවසීය.

  • හේමලතා ඩී හේවගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශානි අබේසේකර නිදොස් කොට නිදහස් කෙරේ . . .

Sat Aug 26 , 2023
මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරගතව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ශිලිණි පෙරේරා නියෝග කළා ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x