කාලගුණයේ වෙනසක් . . .

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කටුනායක - කොළඹ සුඛෝපභෝගී බස් වර්ජනයක් . . .

Sun Aug 27 , 2023
මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ  කර  තිබේ. මේ නිසා කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ . මීට වසර 06 කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x