පිරමීඩ ජාවාරම්කරුවන්ට දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් . . .

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව‍ය.

පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් මෙම පිරමීඩ ජාවාරම තහනම් කර තිබේ.

එබැවින් මෙම පිරමීඩ ක්‍රමය සඳහා බලපාන්නේ අපරාධ නීතිය බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සද ජයගත් ඉන්දියාවෙන් ඉරටත් යානයක් . . .

Sun Aug 27 , 2023
තව සතියක කාලයකින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. අදාල යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි. සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’යානයේ අරමුණය. එනම්, සඳේ දක්ෂිණ ධ්‍රුවය ආසන්නයට ගොඩබැස්ස ලොව පළමු රට බවට පසුගිය 23දා ඉන්දියාව ඉතිහාසගත විය. ඉන් දිනකට පසු ඉන්දියාවේ සඳ රෝවර් යානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x