අමුතුම සෙල්ලමක් දැමූ තරුණියක් හා තරුණයෙක් පොලීසියට මාට්ටු . . .

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබෙනවා.

ඒ අනුව, ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දී ත්‍රීරෝද රථයක ලියාපදිංචි පොතක් සකසා දෙන බවට පවසා පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් වංචා කර ඇති බවට ද අනාවරණය වී ඇත.

පසුව ඒ සම්බන්ධ පැමිණිල්ල පේරාදෙණිය පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 21 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සරුංගල් තහනම් . . .

Mon Aug 28 , 2023
ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ල ා සිටින බවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය පවසයි. ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x