ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවතට . . .

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවේ 2023 වසරේ ජනවාරි 21 වනදාය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ඊයේ (27) මෙම තීරණය ගත් බව එම සම්මේලනය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති අතර එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 3 ක රන් රේගුවේ හිරවෙයි . . .

Mon Aug 28 , 2023
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් බිස්කට් 14 ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ පැවසීය.  එම රත්තරන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් 1.314 ක් බව කී රේගු අධ්‍යක්‍ෂ සීවලී අදාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x