ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය හදිසියේ නතර කෙරේ . . .

ලොව ජනප්‍රිය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ නිෂ්පාදන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ජපානයේ පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොයෝටා සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගැටලුවට හේතුව සෙවීමට සමාගම උත්සාහ කරන නමුත් එය සයිබර් ප්‍රහාරයක් නිසා යැයි දැනට විශ්වාස නොකරන බවයි.

මේ හේතුවෙන් ටොයෝටා සමාගමේ දේශීය නිෂ්පාදනය ඇනහිටීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට ටොයෝටා ජපානයේ එහි එකලස් කිරීමේ කම්හල් 12ක මෙහෙයුම් අත්හිටුවා තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි . . .

Tue Aug 29 , 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බවයි. සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x