මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ . . .

කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග අද කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය  කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වසර කීහිපයක් තිස්සේ විවිධ රටවල රැකියාවන්හි යෙදී සිට යලි මෙරටට පැමිණ මෙම ව්‍යාපාරයේ යෙදුනු බව කියන පිය පුතු දෙපළකි.

බස්නාහිර පළාත් බුද්ධි කොටඨාසයේ පොලිස් සැරයන් 46492 ප්‍රදීප් යන නිලධාරීයාට ලැබුනු තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ගල්කටස් අවි දෙකක්, තුවක්කු බදවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිපල් දෙකක්, විවිධ අන්දමේ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, එසේ සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, පිරිවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු හා පිහියා කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගත් දේපල අතරවේ. මේවා නිපදවීමට උපයෝගි කරගත් උපකරණ ආදියද පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබිනි.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගනියි . . .

Tue Aug 29 , 2023
ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ. දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x