වීසා ක්‍රමවේදය සරලවේ . . .

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරයි.

ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි නිකුත් කිරීමේ ක්‍රමවේද සංකීර්ණ බව හඳුනාගෙන ඇත.

එබැවින් වැඩි විදේශ ආකර්ෂණයක් ඇති රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි . . .

Tue Aug 29 , 2023
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී විදේශයන්ගෙන් ලද ත්‍යාග අලෙවිකර එම මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකරමින් ගොනුකළ නඩුව ‘Toshakhana case’ නමින් හඳුන්වයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x